ලිට්‍රෝ ගෑස් යළි ඉහළට?

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 200 ත් 300 ත් අතර මුදලකින් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 100 කට ආසන්න මුදලකින් මිල ඉහළ යෑමට නියමිත බව ද වාර්තා වේ.

මෙම මිල ඉහළ දැමීම ලබන 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.