ජාතික ජනබලවේගයෙ විරෝධතා පෙලපාලිය රාජගිරිය මැතිවරන කොමිෂන් සභාව වට කරයි!

ජාතික ජනබලවේගයෙ විරෝධතා පෙලපාලිය රාජගිරිය මැතිවරන කොමිෂන් සභාව වට කරයි!ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර මේ වනවිට අවහිර වී තිබේ.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

මේ අතර එම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත.

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ.

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.