ඝාතන 5ක සැකකරුවෙක් වූ පැතුම් සොයා ආ වෙඩිල්ල   

පුද්ගල ඝාතන 5ක පමණ සැකකරුවකු වන පැතුම් නොහොත් ‘ලොක්කා’ ඊයේ (20) රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ගාල්ල – දඩල්ල ප්‍රදේශීයේදී ලොක්කා නැමැත්තා කාන්තාවක් සමග යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී ඔහුට වෙඩි තබා ඇති බව වාර්තා විය.

ගාල්ල – දඩල්ල කනත්ත ආසන්නයේදී ඊයේ සවස 6.50ට පමණ එම වෙඩි තැබීම සිදුකර තිබුණි.

තවත් යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ බව සඳහන් ය.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ලොක්කා නැමැත්තා ගාල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර ඔහු සමග යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවට ද වෙඩිවැදී තුවාල සිදුව තිබුණි.

ගාල්ල, මැලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඝාතනයට ලක් වූ පුද්ගලයා, පුද්ගල ඝාතන 5ක පමණ සැකකරුවකු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවත් පොලීසිය පවසයි.

පොලීසිය සැක පළ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී ඇති වූ ගැටුමක් මුල්කර ගිනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත සිදුකෙරෙයි.

Leave a Reply

Your email address will not be published.