දක්ෂිණ අධිවේගයේ අනතුරක්

අක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේ අද (21) අළුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ කොට්ටාව සිට ගාල්ල බලා ධාවන වූ වෑන් රථයක්, ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ 62 හැවිරිදි පුද්ගයෙකු මියගොස් ඇති අතර, තවත් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබ‍ෙ

වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.