හැටන් බස් රථ අනතුරේ තවත් තොරතුරු රැසක් එළියට

පෞද්ගලික බස් රථයක් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද පෙරවරු 10ට පමණ අනතුරට පත්විය.

එම බස් රථය අනතුරට ලක්ව තිබුණේ හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබියදීය.

රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටී තිබුණි.

එම අනතුරින් අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ සහයක ඇතුළු 53 දෙනෙකු දික්ඔය රජයේ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

එහිදී පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එලෙස මියගොස් තිබුණේ හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යයෙක්, 68 හැවිරිදි මහනුවර පදිංචිකරුවෙක් සහ කාන්තාවක්ය.

අප වාර්තාකරු පැවසුවේ, පාසල් සිසුවා සිය සහෝදරිය සමඟ බෙහෙත් ගැනීමට යන අතුරතුරදී එම අනතුරට මුහුණ දී ඇති බවය.

තුවාල ලැබූවන් අතරින් 10 දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට යොමුකෙරුණු බවත්, ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

තිදෙනකුට මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය බස් රථ රියැදුරාගෙන් ප්‍රශ්න කර තිබේ.

එහිදී රියදුරු පවසා ඇත්තේ, බස් රථය තම පාලනයෙන් ගිලිහී ගොස් දොර විවෘත වී තමා බස් රථයෙන් එළියට වැටීමට ගිය බවය.

ඒ අනුව සුක්කානමේ එල්ලී එය වළක්වා ගත් නමුත් පාලනය කර ගැනීමට නොහැකි වූ බස් රථය ප්‍රපාතයට පෙරළුණු බව රියැදුරා පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.

කෙසේ වෙතත්, හැටන් පොලීසිය අනතුරට ලක්වූ බස් රථයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ දත්ත ගබඩාව පරීක්ෂාවට ලක්කර තිබුණි.

එහිදී අනාවරණ වී ඇත්තේ අනතුරින් ටික වේලාවකට පසු කිසියම් පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකථනය හරහා අදාළ සී.සී.ටී.වී. දර්ශන මකා දමා ඇති බවය.

Leave a Reply

Your email address will not be published.