ගාල්ලේ දී යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ගාල්ල නගරයේ දී අද (29) සවස ගිනිගෙන තිබේ.

මෙම යතුරුපැදියේ දෙදෙනකු ගමන්කර ඇති අතර, මගීන් පාර හරහා මාරු වෙන ආලෝක වර්ණ සංඥා අසල යතුරුපැදිය නැවතීමත් සමග එකවර ගිනිගෙන තිබේ.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

කෙසේ නමුත් යතුරුපැදිය ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

Leave a Reply

Your email address will not be published.