තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක්

ඊච්චන්කුලම පොලිස් වසමේ සුන්දරපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර අද (24) අලුයම ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

මියගොස් ඇත්තේ 31ක් හැවිරිදි සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   

ඝාතනය සිදුකළ වයස අවුරුදු 30ක් වන සැකකරු ඝාතනය සඳහා යොදා ගත් කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.  

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.