බෙලිඅත්තේ ඉඩමක තිබූ අත්බෝම්බ දෙකක් නිෂ්ක්‍රීය කෙරේ

බෙලිඅත්ත පොලිස් වසමේ පට්ටියවෙල, නිහළුව ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක තිබී දිරාගිය අත්බෝම්බ දෙකක් හමු වී තීබේ.

බෙලිඅත්ත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව ඊයේ (27) සවස් කාලයේදී ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

 නිහළුව ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක ළිඳ පිහිටි ප්‍රදේශය ට්‍රැක්ටර් රථයක් යොදා ගෙන ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී යම් පිපිරීම් හඬක් ඇසී තිබුණි.

ඒ අනුව, අවට සොයා බැලීමේදී පුපුරා නොගිය දිරාපත් වූ අත්බෝම්බ 02ක් හමු වී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය මඟින් තංගල්ල ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විශේෂ කාර්ය බළකා නිලධාරීන් කැඳවා මෙම ජීව අත්බෝම්බ දෙක නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළ බව  පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.