ස්ටොයිනිස් එක්දින පිටියට සමුදෙයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව ලබන මස පාකිස්තානයේදී ආරම්භවන ‘චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට ඔහු බලාපොරොත්තු වේ.

35 හැවිරිදි ස්ටොයිනිස් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින මෙන්ම විස්සයි20 තරග රැසක් නියෝජනය කර ඇති තුන්ඉරියව් ක්‍රීඩකයෙකි.

ඔහු එක්දින තරග 71කදී ලකුණු 1495ක් රැස්කර ඇති අතර, ඊට ශතකයක් හා අර්ධ ශතක 6ක් ඇතුළත් වෙයි.

ඊට අමතරව පන්දු යැවීමේදී කඩුලු 48ක් බිඳහෙලා ඇත.

එමෙන්ම විස්සයි20 තරග 74කට ක්‍රීඩාකර ඇති ඔහු අර්ධ ශතක 5ක් සමගින් ලකුණු 1245ක් රැස්කර තිබේ.

ඔහු විස්සයි20 කඩුලු 45කටද හිමිකම් කියයි.

එක්දින පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් ස්ටොයිනිස් පවසා ඇත්තේ, විස්සයි20 ක්‍රිකට් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published.