කෝටි දෙකක නීති විරෝධි දුම්වැටි සමග අයෙක් මට්ටු

රුපියල් කෝටි දෙකකට ආසන්න  වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු මරදාන ප්‍රදේශයෙදී අත්අඩංගුවට  ගෙන තිබෙනවා.

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත  ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් අද (22) උදැසන මෙම වැටලීම් සිදුකර තිබුණා.

සැකකරු ළඟ තිබි නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත්  දුම්වැටී 220000ක් සොයා ගැනුනා.

සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරුවෙකු වන අතර වැඩිදුර විමර්ෂණ මරදාන පොලීසිය වෙතින් සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published.