T56 උණ්ඩ සමග තරුණයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසමේ  ඕවල් ක්‍රිඩාංගණය අසල දී  ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) රාත්‍රී කාලයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී T-56 ජීව පතොරම් 07ක් සහ LMG පතොරම් 01ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි  24 හැවිරිදි තරුණයෙකි. 

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර ගෝමරන්කඩවල, කජුවත්ත ප්‍රදේශයේදී ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 23 ක් වන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published.