කාන්තාවන් දෙදෙනකුගේ සාමාන්‍ය ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (Artifical Interlligence) මගින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රසාරණය කිරීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර උප ඒකකය මගින් සැකකරු කොටු කරගෙන තිබේ. අනුරාධපුර සාලියවැව පදිංචි 20 හැවිරිදි සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.