ඉන්දුනීසියාවට බලපෑ දරුණු ගං වතුර තත්ත්වයක් හේතුවෙන් එරට වැසියන් දැඩි පීඩාවට පත්ව සිටී.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ආපදා තත්ත්වයත් සමග මිනිසුන් සිය ගණනකට සිය නිවාසවලින් ඉවත් වීමට සිදුව ඇති බවය.
ආපදා තත්ත්වයත් සමග රොංකොං ගඟ පිටාර ගැලීම හේතුවෙන් නිවාස සහ පාසල් ජලයෙන් යට වී තිබේ.
නිවාස 1,500කට පමණ ගං වතුරෙන් හානි සිදුව ඇති අතර එහි සිටි පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත් යොමු කිරීමට බලධාරීන්ට සිදුවුණි.
අවතැන් වූවන් මාධ්‍යයට පවසා ඇත්තේ මෙතෙක් ඔවුන්ට රජයෙන් කිසිදු උපකාරයක් නොලැබුණු බවය.
වැසි සමයේ දී ඉන්දුනීසියානු වැසියන්ට බොහෝ විට ගං වතුර සහ නායයාම් ආපදාවලට මුහුණදීමට සිදුවෙයි.
කෙසේ වුව ද වන විනාශය හේතුවෙන් එම තත්ත්වය තවත් දරුණු වී ඇති බව සඳහන්ය.