අද සිට ගස්කසපුන්ද ගිනි සිළුව යළි දැල්වේ

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන් බවය. 

එමෙන්ම පිරිපහදුවේ ටැංකි සංකීර්ණය වෙත අදාළ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ.

ඉදිරියේ දී පිරිපහදු නිෂ්පාදන කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.

ඒ අනුව පූර්ණ ධාරිතාවයෙන් යුතු පරිපහදු නිෂ්පාදන ක්‍රියාවලියෙන් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1600ක් ද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550ක් ද භූමිතෙල් සහ  ගුවන් තෙල් මෙට්‍රික් ටොන් 950ක් ද සහ දැවි තෙල් හා නැප්තා මෙට්‍රික් ටොන් 1450ක් සහ 450ක් වශයෙන් දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතී.

මේ අතර ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා සදහන් කළේ පිරිපහදුවේ කටයුතු පූර්ණ ධාරීතාවයකින් සිදුකිරීමට පියවර ගන්නා බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *