වසන්ත ඇතුළු පිරිස 27 තෙක් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන්ව අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව එම නියෝගය ලබාදී ඇත.

පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක්  ඊයේ (23) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී කලහකාරී ලෙස හැසිරී තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,  ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *