සියදිවි නසාගත් හමුදා සෙබළා ගැන පොලිස් විමර්ශනක්

පනාගොඩ යුද හමුදා කඳවුරේ දී ඊයේ (24) සෙබළෙකු විසින් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පවසයි.

ඔහු පැවසුවේ අදාළ යුදහමුදා සෙබළා සිය රාජකාරී ටී 56 ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි එම හමුදා කඳවුරේම සේවයේ නියුතුව සිටි හමුදා සෙබළෙකි.

ඔහු මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *