ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරිම මගින් මාරුවිම් අවලංගු කිරිමට විරුද්ධව ගුරු විදුහල්පති වෘත්තීය සමිති මගින් අද (22) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කල අතර විරෝධතාවයට සහභාගි වී සිටින ගුරුවරුන්ට හා වෘත්තිය සමිති සාමාජිකයින්ට විරුද්ධව පාසල් ළමයින්ගේ දෙමව්පියන් පිරිසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ස්ථාන දෙකකදි විරෝධතාවයන් ආරම්භ කර ඇත.
මේ සදහා “දරුවන්ගේ අනාගතය උදෙසාවු සන්ධානය“ විසින්දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිමු යන මැයෙන් සහ පාසල් ළමුන්ගේ දෙමව්පියන් පිරිසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ස්ථාන දෙකකදි විරෝධතාවයන් පවත්වන ලදි.