වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

පාලන මිලට වැඩියෙන් බිත්තර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන් පිරිසකට දඩ නියම කර තිබේ.

බොරලැස්ගමුව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සහ ඒ අවට වෙළෙඳසැල් කිහිපයක ව්‍යාපාරිකයින් පිරිසකට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් එම දඩ නියම කර ඇති බව සඳහන්ය.

එහිදී රුපියල් 44ක පාලන මිල නොතකා රුපියල් 50කට බිත්තර අලෙවිකළ වෙළෙඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් දඩ නියම කර තිබේ.

එමෙන්ම කිලෝග්‍රෑමයක් රුපියල් 210 ක පාලන මිලට අලෙවි කළ යුතු සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240 කට අලෙවිකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ව්‍යාපාරිකයෙකුට ද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් ලක්ෂ 03 ක දඩයක් නියම කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *