මට්ටක්කුලියේදි පහරකෑමට ලක්වූ අයෙකු මරුට

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ නාඳුනන පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරේ පදිංචිකරුවෙකි.

පොලීසිය පවසන්නේ තිරෝද රථයකින් පැමිණි පිරිසක් මියගොස් ඇති පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී තියුණු ආයුදවලින් පහරදී පළාගොස් ඇති බවය.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය පවසන්නේ මේ වනවිට සැකකරුවන් පිරිස හඳුනාගෙන ඇති බවය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මට්ට්ටකුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *