මීට දින කිහිපයකට ඉහතදී මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තා ගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් මස 15 වැනි දින හරක් කටා නැමැත්තා සමඟ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ශිත නොහොත් පානදුර ‘කුඩු සලිඳු’ මෙරටට රැගෙන එනු ලැබීය.
මේ වන විට එම අපරාධකරුවන් දෙදෙනා රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවද උසස් නිලධාරියා කියා සිටියේය.
එම ප්‍රශ්න කිරීමේදී ‘හරක් කටා’ නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට ඉතා ඉක්මනින් රැගෙන ඒමට නියමිතය.