පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක්

පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09) උදෑසන කාලයේදී කපුගොල්ලෑව පොලිස් වසමේ අලියාකඩ ප්‍රදේශයේ දී එම සිදුවීම සිදුව ඇත.

එම ප්‍රදේශයේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ගිය කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරින් දෙදෙනෙකුට එසේ පහරදී රාජකාරියට බාධා කර ඇත.

එසේ රාජකාරියට බාධා කර ඇත්තේ, අවුරුදු 21, 23 සහ 24 වයස්වල පසුවන අලියාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

පහරදීමෙන් තුවාල ලබූ පොලිස් නිලධාරින් කපුගොල්ලෑව රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් අද (10) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *