උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය නවතී

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ නානුඔය අතර දුම්රිය ගමනාගමනය මේ වන විටත් යථා තත්ත්වයට පත්කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය මාර්ගයේ ග්‍රේට් වෙස්ටන් සහ  වටගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ සිට එහි දුම්රිය ගමනාගමනයට බධා එල්ලව තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පීලි පැනීමට ලක්වූ දුම්රිය මේවන විටත් පීලිගත කර නොමැති බවය.

මේ හේතුවෙන් කොළඹ දෙස සිට ගමන් ගන්නා දුම්රිය හැටන් දක්වාත් බදුල්ල සිට ගමන් ගන්නා දුම්රිය නානුඔය දක්වාත් සීමාකර තිබේ.

එම දුම්රිය ස්ථාන අතර මගීන් බස්රථ මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

උදෑසන 8.00 පමණ වන විට එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *