නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හය දෙනකු සමඟ ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොග පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් ඉකුත් සති අන්තයේ අත්අඩංගුවට ගනු ලැබීය.
ජා – ඇළ සුරාබදු කොට්ඨාසයට අයත් කිරිබත්ගොඩ මායා මාවතේ රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගත් සුපිරි දෙමහල් නිවෙසක මෙම මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත. නීත්‍යනුකුලව දිවයිනේ පිළිගත් ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන ආයතනයක නමින් මෙහි මත්පැන් බෝතල් ලේබල් කර තිබූ බවද ජා – ඇළ සුරාබදු ස්ථානය සඳහන් කරයි.
සැකකරුවන් සමඟ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ¼ මත්පැන් බෝතල් 4971ක් බෝතල් කිරීමට සකස් කර තිබූ මත්පැන් ලීටර් 228ක්, එතනෝල් ස්ප්‍රීත්තු ලීටර් 110ක් සහ අරක්කු බෝතල්වලට පුරවන සහ මූඩි සවි කරන නවීන මැෂිමක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව මත්පැන් බෝතල්වල මූඩිවල ඇලවීමට සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් බලපත්‍ර සහිත මත්පැන් නිෂ්පාදනාගාරවලට පමණක් නිකුත් කරන තීරු කේත සහිත ව්‍යාජ ලෙස සකස් කරගත් ස්ටිකර් 4300ක් පිළිගත් මත්පැන් නිෂ්පාදන ආයතනයක නම සඳහන් ව්‍යාජ ලේබල් 8000ක් අත්අඩංගුවට ගෙන ඇති බව ජා – ඇළ සුරාබදු ස්ථානය සඳහන් කරයි.
සැකකරුවන් සහ භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.