සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දීය. නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.Continue Reading

ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බව සඳහන්ය. පසුගිය සෙනසුරාදා දිනයේ සිය රාජකාරීContinue Reading

අද (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිතContinue Reading

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජනනය කරන විදුලිය දින 4කින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ එ අනුව පෙබරවාරි 14 වැනි දින ජාතික පද්ධතියට මෙය එක් කිරීමට අපෙක්ෂා කරන බවය.Continue Reading

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුව කරුණු කීපයකින් සමන් විත වේ. එම කමිටුව සඳහා නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්, අධිකරණ අමාත්‍යංශයේContinue Reading

අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. එමෙන්ම විධායක නියෝගයක් හරහා පෙබරවාරි 9 වන දිනය “Gulf of America” ලෙසද නම් කර ඇත. ඔහු ඊට අදාළ විධායක නියෝගය අස්සන් තැබුවේ, ජනාධිපතිවරයා රැගත් නිල ගුවන්යානය මෙක්සිකානු බොක්කටContinue Reading

Booking.com වෙබ් අඩවියට අනුව 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගැනීමට සීගිරිය සමත්ව තිබේ. නවාතැන් ඇතුළු විවිධ සංචාරක පහසුකම් ලබාගැනීම සඳහා, මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය මෙම අනාවරණය කර තිබුණේ සිය 13 වැනි “Traveller Review Awards” සම්මාන ප්‍රදානයට සමගාමීවය.Continue Reading

2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. අදාළ පැමිණිල්ල අදContinue Reading

විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවය. ඒ අනුව, ඛාන් අගමැතිවරයා වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09) එරට වයඹදිග ස්වාබි නගරයේදී විරෝධතාවක් පවත්වා තිබුණි. මෙම විරෝධතාව පැවැත්වුණේ ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය බලය පෙරලා දැමූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසරක්Continue Reading

රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ලබා දී තිබේ. ඒ අනුව, පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත 2025.02.12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත. * ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යContinue Reading