ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතර, කටුකුරුන්ද වෙට්ටුමකඩ පාකිස්ථාන් ක්‍රීඩා පිටියේ පැවති සුහද හමුවකට අද පස්වරුවේ එක්විය. “අපි නොවැම්බර්Continue Reading

පවතින  අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී ඇත. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.Continue Reading

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිතා කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කරගැනීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි. ඒ අනුව අත්අඩංගුවට ගත්Continue Reading

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව ඇත. අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන්. තුවාලකරුවන් අතුරින් 29 දෙනෙකු ගන්දර රෝහලටත්Continue Reading

 කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමඟ පැවැති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ ලකුණු 139කිනි.  තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162ක් රැස් කරගැනීමට සමත් විය‍. ඊට පිළිතුරු ලෙස ක්‍රීඩා කළ මැලේසියානු කණ්ඩායම පන්දුවාරContinue Reading

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (18) දිනයේදී මෙම අනතුරු සිදුව තිබේ. මහව පොලිස් වසමේ නිකවැරටිය සියඹලන්ගමුව මාර්ගයේ තලාකොළවැව බස්නැවතුම්පල ආසන්නයේදී මහව දෙස සිට නිකවැරටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් කාර්මික දෝෂයකට ලක්ව මාර්ගයේ වම්පස නවතා තිබූ ලොරි රථය ගැටීContinue Reading

ගාසා තීරයට සාමය උදාකරන සටන් විරාමය හෙටින් ආරම්භ වීමට නියමිතව තිබේ.  මාස 15ක් පුරා පැවති ගාසා යුද්ධයට නිමාවක් සනිටුහන් කරමින් සටන්විරාම සහ ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ ගිවිසුමකට එකඟවූයේ පසුගිය බදාදා දිනයේදීයි. අමෙරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුවේ මැදිහත්කාරිත්වයෙන් ඇතිකරගත් සටන්විරාම ගිවිසුමට ඊයේ ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුවේ අනුමැතිය හිමිවිය. ඒ අනුව දෙපාර්ශ්වය අතර සටන්විරාමය හෙටContinue Reading

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු ගොවීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියේ යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සඳහා ද ගෙනවිත් භාරදෙන ලෙසය. ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයාContinue Reading

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාට කල දැනුම්දීමකට අනුව ඔහු එහි පෙනී සිටිමින් මෙම ප්‍රකාශය ලබා දී ඇත. ජයලත්Continue Reading

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට විපක්ෂයට සහ අධිකරණ පද්ධතියට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පෙළගැසී සිටියි. හදිසියේ රටට හමුදා නීතිය පැනවීමේ සිදුවීමක් මුල්කර ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 3වනදා දෝෂාභියෝගයකින් යුන්Continue Reading