හබරණ පොලිස් වසමේ පලුගස්වැව ප්‍රදේශයේ නිවසක බිලිඳෙකු පෙරදින රාත්‍රියේ මියගොස් ඇති බවට ඊයේ (17) හබරණ පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් ලැබී ඇත. මිය ගිය බිලිඳා වයස මාස 10ක් වන බුලනගම, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි. එම බිලිඳා සිය මව, පියා සහ සහෝදරයා සහ සහෝදරිය සමග ඉහත ලිපිනයේ පදිංචිව සිට ඇත. කෙසේContinue Reading

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත. එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල්Continue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීContinue Reading

බන්ධනාගාර රෝහලෙහි රඳවා සිටි ආර්. දුමින්ද සිල්වා සිරකරු ඊයේ (16) වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ. ඊයේ (16) ඔහු බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැමිණ පරික්ෂා කර ඇති අතර එම වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ දුමින්ද සිල්වා තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තැබීමට අවශ්‍ය නැති බවයි.ඒ අනුව ඹහුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක්Continue Reading

එළැඹෙන මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත. එමෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීම සඳහා ද ත්‍රිවිධContinue Reading

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩිContinue Reading

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ. මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය පවසයි. කෙසේ නමුත් කිසිවෙකුට හෝ තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.Continue Reading

මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මේ වසරේ මුල් මාස 6 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය හෙට (17) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. 2025 ජනවාරි සිට ජූනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බලContinue Reading

ඓතිහාසික සීගිරිය පර්වතය රාත්‍රී කාලයේ සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැනට සංසරණය වන රාත්‍රී කාලයේ ආලෝකකරණය සහිත සීගිරියේ රූපය ද ව්‍යාජ එකක් බව එම අමාත්‍යාංශය ඊයේ (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින්Continue Reading

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්න මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන බවය. අදාළ නිවේදනය පහතින්, 2025 ජනවාරි 13 සඳුදා  – දුරුතු පුර පසළොස්වක පෝය දිනය  2025 පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය   2025 පෙබරවාරි 12Continue Reading