දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි. නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවද පොලීසිය සඳහන් කළේය. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැඳවා තිබුණි. දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණContinue Reading

හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත මහනුවර පොලිස් මත්ද්‍රවයනාශක කාර්යාංශයේ නිලධාරීන් අද (14) දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේදී  සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී කේරළ ගංජා 2.5KG සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.  අත්තඩංගුවට ගත් පුද්ගලයා වයස අවු: 32 ක දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මේ පිළිබද වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය මගින් සිදු කිරිමට නියමිතව ඇත.Continue Reading

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින්Continue Reading

රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ඊයේ (12) දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය පිළියන්දල , නාම්පමුණුව ප්‍රදේශයේ පදිංචි , සංචාරකContinue Reading

පොලිස් “119” හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ දුරකථන ඇමතුම් 12ක් ලබාදී තිරප්පනය පොලිසිය නොමග යැවීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ, පොලිසිය සහ අධිකරණය මග හැර සිටින සැකකරුවෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා තිරප්පනේ පොලිසියට නියෝග කළේය. මෙසේ වහාම අත්අඩංගුවට ගෙනContinue Reading

අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනාගෙන නීතියේ රැහැනට හසුකර ගැනීමට මේ වන විට ලෝකයේ භාවිත වන තාක්ෂණයෙන් ඉහළ වේග මාපක උපකරණ (SPEED GUN) 30ක් මිලදී ගෙන ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව එම උපකරණ රටපුරා පොලිස් කොට්ඨාස 30ක රථවාහන අංශයේ නිලධාරීන්ට භාර දී තිබේ. මෙම වේගමාපක උපකරණ මඟින් වේගයෙන් ධාවනය කරනContinue Reading

දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා කිලෝවක් අද (12) දිනයේ හැටන් ප්‍රදේශයේ රුපියල්  2,000ක සිල්ලර මිලකට අලෙවිකර තිබේ. මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විටContinue Reading

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී.විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස  දිවුරුම්  දුන්හ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාදContinue Reading

මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඔවුන් ලබාගන්නා වී පිළිබද දත්ත පද්ධතියක් නිර්මාණය කර එමගින් වී තොග සගවා ගැනීමට නොහැකි අයුරින් වැඩපිළිවෙළක්Continue Reading

මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. එලෙස මියගොස් ඇත්තේ,  විජයකටුපොත, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු එම පොල්තෙල් නිෂ්පාදන ආයතනයේ ආයතනයේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පුද්ගලයෙකු බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.  අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (11) අලුයම් කාලයේදී  මුන්දලම පොලීසියට තොරතුරක්Continue Reading