විශාල ලේ වැගිරීමකින් තොරව ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අරගලයේ පියවරක් ජයග්‍රහණය කළා – සැමටම ස්තුතියි

නීතිය ඇතුළේ ගුහාගතවෙලා බලය ආරක්ෂා කරගන්න උත්සාහ කළ ගෝටාබය රාජපක්ෂට ලෝකයේ අනික් ඒකාධිපතියන්ට අත්වූ අවසානය ලෙස පලා යන්න සිදු වුණු බවත් විශාල ලේ වැගිරීමකින් තොරව ඉතාමත් ප්‍රජාතන්ත්‍ර වාදී ලෙස අරගලයේ පියවරක් ජයග්‍රහණය කර තිබෙන බවත් එයට කැපවූ සෑම දෙනාට ස්තූති වන්ත වන බවත් ජාතික ජන බලවේගයේ නායක නුර දිසානායක අද (09) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

මේ වනවිටත් ගෝටාබය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ බලය අත්හරින බවට නිල ප්‍රකාශයක් කර නොමැති නිසා වහාම එය කළ යුතු බව ඔහු අවධාරණය කරනු ලැබීය. මෙම ප්‍රජාතන්ත්‍රවාදී පොදුජන අරගලයේ සැබෑ හරය තේරුම්ගෙන එය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යමින් මෙරටින් කොල්ලකන ලද ධනය යළි අත්පත් කර ගැනීමටත් සාධරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් පමුණුවන බවත් පැවසීය.

මෙම දූෂිත පාලනය පලවාහැරීම සඳහා රටපුරාම ජනතාව සහ ජාතික ජන බලවේගය ප්‍රමුඛ විවිධ සංවිධාන විශාල දායකත්වයක් ලබා දුන් අතර ගෝල් ෆේස් පිටියේ අරගලකරුවන් ඒ සඳහා විශාල කැපකිරිම් සිදු කළ බවත් ඔවුන් සියලුදෙනාට තම ස්තූතිය, භක්තිය සහ ප්‍රණාමය පුදකරන බවත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.