නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ  නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු විය. හෘද වාහිනී රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වූ පහසුකම් ශක්තිමත් කරමින්Continue Reading

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබේ. ඇය අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටවගොස් ඇති අතර ඇයට ගුවන්තොටුපොළේදීද අදාළ දැනුම්දී සිදුකර ඇති බව වාර්තා වෙයි. සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවතContinue Reading

තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ, මේ වනවිට එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කරද ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි යන පුරෝකථනයට අනුවContinue Reading

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් තිබේ. ඔවුන් අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි. ශිරන්ති රාජපක්ෂContinue Reading

අද (16) උදෑසන 4.30ට පමණ කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී මවක් සහ ඥාති දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට කළුතර දකුණ දුම්රිය ස්ථානයේ දකුණු පසින් පදික වේදිකාවට පැමිණීම සඳහා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මොවුන් දෙදෙනා දුම්රියේ ගැටී තිබේ. එකම පවුලේ මව සහ දියණිය සහContinue Reading

රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 325ක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට තොරතුරු ලබාදුන් උපාය දූතයා ඝාතනය කිරීම සඳහා  උත්සහාකළ “මධුවා” නැමැති පුද්ගලයෙකු සෙල්ලකතරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම බළකායේ විශේස පොලිස් කණ්ඩායමක් විසින්Continue Reading

දෙහිවලදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පිළිබඳව වැදගත් තොරතුරු රැසක් පොලිසිය මේවන විට අනාවරණ කරගෙන තිබේ. ඒ අනුව ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවසීය. දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඉකුත් 11වැනිදා අලුයම එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියාගේContinue Reading

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සහ බීමත්ව රිය පදවන රියදුරන් සොයා සිදුකරනු ලබන පරීක්ෂණ තීව්‍ර කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව දිවයින පුරා සිටින සියලුම රථ වාහන නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි. දිනපතාContinue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතී. මේ අතර එමContinue Reading