මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව මෙම විශේෂ වන්දි මුදල හිමිවනු ඇත. ඒ අනුව ජීවිතක්ෂයට පත් වූ සෑම නිලධාරියෙකුටම රුපියල් මිලියන 05 බැගින් වූ වන්දි මුදලක් සහ පූර්ණContinue Reading

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ඇතුළත් වන බවත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනකContinue Reading

රබෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත්ගම කැන්දෑව ප්‍රදේශයේදී අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස වනඅලි දෙදෙනකු මි*යගොස් තිබේ. වගා භූමියක් ආරක්ෂා කර ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස අඳින ලද අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් මෙම වනඅලි දෙදෙනා මි*ය යන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැකපළ කරති. අනුරාධපුර අඩවි වනජීවී කාර්යාලයේ බලප්‍රදේශයට අයත් ප්‍රදේශයකContinue Reading

හුංගම ප්‍රදේශයේදී “කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාත*නය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකාරියක් වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි. මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙමContinue Reading

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට යළි පැමිණීමට නොහැකිව ඉන්දියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින මෙරට බහුදින ධීවර යාත්‍රා 25කට, පවතින අවදානම් තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දීය දේශසීමාවට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ. ශ්‍රී ලංකා රජය විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය රජයෙන් කරන ලද විශේෂContinue Reading

විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස්, ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධContinue Reading

ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. පවතින වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, එම දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.Continue Reading

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, එහෙත් අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙන බවය.Continue Reading

හලාවත, ඉරණවිල සමිදුගම ප්‍රදේශයට ඊයේ (25) රාත්‍රියේ හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව තිබේ. ඊයේ රාත්‍රි 11.00ට පමණ මෙම තද සුළං හමා විත් ඇති අතර ඒ හේතුවෙන් නිවාස රැසක වහල ගැලවී, ගස් කඩා වැටීම් ද වාර්තා වී ඇති බවද සඳහන් වේ. වහලවලට හානි සිදුවීම හේතුවෙන් නිවාස තුළටContinue Reading

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, වැඩිම වර්ෂාපතනය පුත්තලම දිස්ත්‍රික්කයේ කරන්දිපෝවල් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශයට මිලිමීටර් 195.7ක වර්ෂාපතනයක් ලැබී ඇති බවය. එමෙන්ම, කුලියාපිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 193.0ක වර්ෂාපතනයක් ද, ඉලුප්පයිකඩවෙයි ප්‍රදේශයෙන් මිලිමීටර් 187.5ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.Continue Reading