රබෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත්ගම කැන්දෑව ප්රදේශයේදී අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස වනඅලි දෙදෙනකු මි*යගොස් තිබේ.
වගා භූමියක් ආරක්ෂා කර ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස අඳින ලද අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් මෙම වනඅලි දෙදෙනා මි*ය යන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැකපළ කරති.
අනුරාධපුර අඩවි වනජීවී කාර්යාලයේ බලප්රදේශයට අයත් ප්රදේශයක මෙම අනතුර සිදුවී ඇති අතර, මි*යගිය වනඅලි දෙදෙනාගේ පශ්චාත් ම*රණ පරීක්ෂණ සිදුකිරීම සඳහා අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්ය ඒකකයේ නිලධාරීන් මේ වන විට යොදවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වගා භූමියේ හිමිකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය සහ වනජීවී කාර්යාලය ඒකාබද්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


