වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බව වාර්තා  වේ. විවිධ චෝදනාවලට ලක්වූ විනිසුරුවරුන්ගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවාContinue Reading

S&P ග්ලෝබල් රේටින්ස් ආයතනය මෙරට දිගුකාලීන සහ කෙටි කාලීන විදේශ මුදල් ස්වෛරී ණයශ්‍රේණිගත කිරීම SD මට්ටමේ සිට CCC+/C මට්ටම දක්වා උසස් කර තිබේ. එමෙන්ම දිගුකාලීන සහ කෙටිකාලීන දේශීය ණය ශ්‍රේණිගත කිරීම CCC+/C මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එම නිවේදනය මගින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරContinue Reading

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට 5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය. එහිදී කොසැක් මහත්මය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවය. Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගිය පසුගිය මස 29 වැනි දින නිකුත් කරන ලද රුපියල් 2000සේ සමරු නෝට්ටුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේContinue Reading

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයෙන් සොයා ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ. මෙම නිවස පිළිබඳ අනාවරණය වී ඇත්තේ කුඩු නිලංගගේ සමීපතමයෙකු වන ඇඹිලිපිටිය සුරංග නැමැත්තා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු කළ හෙළිදරව්වකට අනුවය. වැල්ලවායContinue Reading

ඊශ්‍රායලයේ සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ජෙරුසෙලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගෞරව දක්වා තිබේ. ඔහු මෙලෙස එම කලාපයේ සංචාරය කරන්නේ ඊශ්‍රාලය කටාර් රාජ්‍යයේ රැඳී සිටි හමාස් දේශපාලන නායකයින් ඉල්කක කර එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව අමෙරිකාව ද සිය නොසතුට පළකර තිබියදීය. ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අරාබිContinue Reading

2050 වසර වන විට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ඔස්ට්‍රේලියානු ජාතිකයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමේ හේතුවෙන් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බව එරට දේශගුණික වාර්තාවක් උපුටා දක්වා තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකිContinue Reading

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ ජිනීවා හී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අතරතුරදීය. එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා රට තුළ ගෙන ඇතිContinue Reading

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.  එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගු මහතා සඳහන් කළේ සංචාරක වීසා මත පැමිණි පිරිසක් මෙලෙස එම සයිබර් කඳවුරු වල රඳවාගෙන සිටින බවට වාර්තා වී ඇති බවය.  මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයේContinue Reading