ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඉන්ඳු – පකිස්තාන් යුද ගැටුම් සමඟ අද (08) උදැසන පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා විය.Continue Reading

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.‍ අද (07) උදෑසන හිටපු රාජ්‍ය අමාත්‍ය මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ බව වාර්තා වෙයි. ඒ ඔහු අධිකරණය මගහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කරContinue Reading

ස්වේච්ඡාවෙන් රටින් පිටවීමට ඉදිරිපත්වන අනවසර සංක්‍රමණිකයන්ට ඩොලර් දහසක මුදලක් පිරිනැමීමට අමෙරිකානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එවැනි සංක්‍රමණිකයන්ට නැවත සිය උපන් රට වෙත යෑමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමට ද අමෙරිකාවේ ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අනවසර සංක්‍රමණිකයන්ට රටින් පිටවීම සඳහාContinue Reading

මේ වසරේ ගතවු පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,250කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ. ජනවාරි මස 01වනදා සිට මාර්තු මස 31 වනදින දක්වා කාලය තුළ පැමිණිලි 1,267ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය. එම කාලය තුළ දිවයිනContinue Reading

බෙලරූස් රාජ්‍යයේදී එරට පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (04දා) අලුයම මෙරටට රැගෙන ආ පාතාල කල්ලි නායක ‘ලොකු පැටී’ නමැත්තා ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනිස් ඝාතන 10ක තොරතුරු හෙළි කිරීමට පටන්ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මෙම පාතාල නායකයා වැඩිදුරContinue Reading

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ  මහලේකම් ටූ ලැම් අතර හමුවක් සිදුව තිබේ. වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී මෙම හමුව සිදුවූ බවය. එමෙන්ම ජනාධිපතිවරයා හෙට (05) දිනයේදී  වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතය. Continue Reading

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ. පොලීසිය පැවසුවේ, බෙලරූස් රාජ්‍යයේ සිට අද (14) උදෑසන 09.00ට පමණ එම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන එන බවය. ‘ලොකු පැටී’ නැමැත්තා ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුContinue Reading

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ ඔහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි.Continue Reading

කතරගම, පෙරගිරිගම පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක කපා කොටා ඊයේ (01 දා) ඝාතනය කර තිබේ. දරුවන් තිදෙනකුගේ මවක් වන මැය සිය සැමියාගෙන් වෙන්ව වෙනත් පුරුෂයකු සමග පෙරගිරිගම පදිංචිව සිටියාය. අනියම් සැමියා හා නිතර ආරවුල් සිදුව අඬදබර වෙමින් සිට ඇති බව ඥාතීහු පවසති. මෙම ඝාතනය සිදුකළ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාContinue Reading

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වේ. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 274කි. එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයකContinue Reading