ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන Binance ආයතනයේ ආරක්ෂක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැක මතුවීමත් සමග අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ වටිනාකමකින් යුත් ඩිජිටල් වත්කම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සිද්ධිය ලෝක ක්‍රිප්ටෝ මුදල් ඉතිහාසයේ විශාලතම සොරකම බවට පත්විය හැකි බවයි. ඊයේContinue Reading

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී හෝටල් හිමිකරුවෙකුට වෙඩි තබා ඝා*තනය කිරීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු ලුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්Continue Reading

අප්‍රිකානු සූකර උණ රෝගය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවිපොළවලින් යළි වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ගොවිපොළ 48ක සිදුකළ පරීක්ෂාවකින් එම උණ වෛරසය වැළදුණු සූකරයින් වාර්තා වු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා පැවසුවේය.Continue Reading

හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරී පැහැර හැරීම මත, හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කර තිබේ. පසුගිය ඔක්තෝබර් 25 වැනිදා හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම්Continue Reading

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්‍යම හා මහා පරිමාණ ජලාශ 38කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි. දැදුරු ඔය, රාජාංගණය, ඉඟිනිමිටිය, යාන් ඔය සහ උස්ගල සියඹලන්ගමුව ඇතුළු ජලාශ කිහිපයක වාන් දැමීම සාපේක්ෂව ඉහළ අගයක පවතින බව ද ඔහු සඳහන්Continue Reading

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කෙසේ නමුත් මහානායක හිමිවරුන් විසින් ඉල්ලීම් යොමු කළද රජයContinue Reading

රබෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත්ගම කැන්දෑව ප්‍රදේශයේදී අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස වනඅලි දෙදෙනකු මි*යගොස් තිබේ. වගා භූමියක් ආරක්ෂා කර ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස අඳින ලද අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් මෙම වනඅලි දෙදෙනා මි*ය යන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැකපළ කරති. අනුරාධපුර අඩවි වනජීවී කාර්යාලයේ බලප්‍රදේශයට අයත් ප්‍රදේශයකContinue Reading

හුංගම ප්‍රදේශයේදී “කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාත*නය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකාරියක් වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි. මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙමContinue Reading

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, එහෙත් අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙන බවය.Continue Reading

හලාවත, ඉරණවිල සමිදුගම ප්‍රදේශයට ඊයේ (25) රාත්‍රියේ හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව තිබේ. ඊයේ රාත්‍රි 11.00ට පමණ මෙම තද සුළං හමා විත් ඇති අතර ඒ හේතුවෙන් නිවාස රැසක වහල ගැලවී, ගස් කඩා වැටීම් ද වාර්තා වී ඇති බවද සඳහන් වේ. වහලවලට හානි සිදුවීම හේතුවෙන් නිවාස තුළටContinue Reading