ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.Continue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතී. මේ අතර එමContinue Reading

මෙම වසර තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ මෙම වැටලීම් තුළින් වෙළෙඳපොළේ නීතිමය අනුකූලතාව, භාණ්ඩවල ආරක්ෂාව සහ සැපයුම් මූලාශ්‍ර හඳුනා ගැනීම සම්බන්ධයෙන් අවධානයක් යොමු කර ඇති බවය. මේ අතර එම අධිකාරිය පැවසුවේ පාරිභෝගිකයින්ට ආරක්ෂිත ප්‍රමිතියෙන් සහContinue Reading

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසදීම සදහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එසේ නොවුණහොත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව එළඹෙන බ්‍රහස්පතින්දා දින ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය අනිවාර්යෙන්ම සිදුකරන බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටී.Continue Reading

අද (12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන් ය. උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරුContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.Continue Reading

දුම්රියක් පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වූ දුම්රියක් පොතුහැර දුම්රිය ස්ථානයේදී මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ හේතුවෙන් මාර්ගයේ ඇතිවී තිබෙන අවහිරතාව නිසා පොතුහැර දුම්රිය ස්ථානය පසුකර ධාවනය වීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාද වීContinue Reading

අදට යෙදී ඇති මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබේ. බිඳුණු සිත් සුවපත් කරමින්, වෛරය වෙනුවට ප්‍රේමයත්, විරසකය වෙනුවට සහෝදරත්වයත් අගයන නව යුගයක් කරා යන ගමනේදී, නබිතුමන් විසින් පෙන්වා දෙන ලද අසමසම පරිත්‍යාගයේ සහ මනුෂ්‍යත්වයේContinue Reading

ගත වූ දින 04ක කාලය තුළ වටවල ප්‍රදේශයට මිලිමීටර් 661ක පමණ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වත්මන් කාලගුණික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි. ඊයේ දිනයේ පමණක් එම ප්‍රදේශයට මිලිමීටර් 204 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර එය ඊයේ (03) දිනයේ වාර්තාContinue Reading

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබේ. ඒ අනුව අමෙරිකානු බොරතෙල් මිල 5%කින් පහත වැටී බැරලයක් ඩොලර් 80.79ක් ලෙස සටහන්ව ඇත.  එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිල ද 5% කින් පහත වැටී බැරලයක් ඩොලර් 83.87ක් දක්වා පහළ ගොස් තිබේ. සටන් අවසන් කිරීම සඳහා වන එකඟතාවයට පැමිණීමට නියමිත බවත් ඒ හේතුවෙන් ඉරානයට එරෙහිවContinue Reading