E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.Continue Reading

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.  ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදාContinue Reading

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලිContinue Reading

නිවසේදී විදුලිසැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.  පොලීසිය සඳහන් කළේ, මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊයේ (27) සවස මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවය. දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත්කිරීමට යාමේදී මෙසේ විදුලිසැරContinue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබේ. එම හමුව අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි. එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අඛණ්ඩ ඵලදායී මැදිහත්වීමක්Continue Reading

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.Continue Reading

ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. වසර 40කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් අගනා සේවයක් කළ වනසිංහ මහතා මියයන විට 91වන වියේ පසුවිය. 1954 වසරේ දී කෙඩෙට් නිලධාරීයෙකු ලෙස එවක ලංකා හමුදාවට එක්වූ වනසිංහ මහතා, මූලික යුධ පුහුණුව හැදෑරීම සඳහාContinue Reading

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වී තිබේ. ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier) මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේ (Bellevue Palace) දී පැවැත්වේ. ඉන් අනතුරුවContinue Reading

ඇෆ්ගනිස්තාන ජාතිකයින් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පාකිස්තානයෙන් ඉවත්ව ගොස් ඇති බව ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. පාකිස්තාන රජය විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිටුවහල් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමත් සමග මෙලෙස ඔවුන්ට පාකිස්තානය අතහැර යෑමට සිදුව ඇත. ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව අප්‍රේල් මාසයේදී 135,000ක් හා මැයි මාසයේදී  67,000ක්Continue Reading

මරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි. නමුත් එය සැබවින්ම ආරක්ෂිතද යන්න මේවන විට ගැටලුවක් වී තිබේ. අගනුවර පවතින ගුවන් පාලම් අතර පැරණිතම පාලමක් ලෙස සැලකෙන මරදාන ගුවන් පාලම ඉදිකර ඇත්තේ 1978 වසරේදී පමණය. එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ පාලමContinue Reading