ගිනිඅවියක් සමග පුද්ගලයෙකු ඔරුගොඩවත්තේ දී අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස්, ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *