කුරුණෑගල රජ පිහිල්ල උද්යානය සහ රජ පිහිල්ල තානායම අතර ඇති මාර්ගයේ මාර ගසක් කඩාවැටී තිබේ.
අද(28) උදෑසන නමයට පමණ මෙම ගස ඇඳ වැටීමෙන් වාහන හතක් අනතුරට පත්ව ඇත.
අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර එම අවස්ථාවේ මාර්ගය අසල නවතා තිබූ වාහන මෙලෙස අනතුරට පත්ව තිබේ.


