ලොව ප්‍රමුඛ රටවල් ගණනාවක් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට නොයන ලෙස කියයි

අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය ඔවුන්ගේ සංචාරයක උපදේශන යාවත්කාලීන කර තිබෙනවා.
මෙම යාවත්කාලීන කිරීම් වල සඳහන් වන්නේ මේ වන විට රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයත් සමග තැන තැන මහජන උද්ඝෝෂණ, ප්‍රචණ්ඩකාරී ජන කැළඹිලි, ඇතිවිය හැකි බවයි.
එමෙන්ම වරින් වර පනවනු ලබන ඇඳිරි නීති තත්ත්වය ද මෙම රටවල සංචාරක උපදේශන යාවත්කාලීන කිරීමේදී අවධානය යොමුකර තිබෙනවා.
මීට අමතරව මෙම සංචාරක උපදේශන වල සඳහන් වන්නේ රට තුළ බරපතල ඉන්ධන හිගයක් පවතින නිසා සංචාරක කටයුතු බාධාවකින් තොරව සිදුකළ නොහැකි බවයි.
මේ අතර පසුගිය මැයි මස 16 වන දා ශ්‍රී ලංකාව වෙනුවෙන් වන සංචාරක උපදේශනය තැඹිලි මට්ටමට ගෙන ආ ඇමරිකාව එම උපදේශන මට්ටම තවදුරටත් ඒ තත්ත්වයෙන්ම තබාගෙන සිටිනවා.
ඒ අනුව ඇමරිකාව තවදුරටත් එරට සංචාරයකයින්ට උපදෙස් දෙනුයේ අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසටයි.
මීට අමතරව සිංගප්පූරුව ද ඔවුන්ගේ සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් පවසා ඇත්තේ රට තුල මතුව ඇති උද්ඝෝෂණ සහ කැරළි කෝලාහල හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි.
ඒ සංචාරකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට පැමිණ සිටින අතරවාරයේදී වීමත් විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published.