රුපියල් බිලියන 3.4කට අධික වටිනාකමකින් යුතු මානුෂීය ආධාර තොගයක් තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ.
තමිල්නාඩුව විසින් මෙරටට ලබාදෙන දෙවන මානුෂීය ආධාර තොගය මෙයයි.
අදාළ මානුෂීය ආධාර තොගය මෙරටට ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් භාර දී ඇති අතර එය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ විදේශ කටයුතු අමාත්‍ය අලි ශබ්රි මහත්වරුන් විසින් ලබාගෙන තිබේ.
වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ එහිදී සහල් මෙට්‍රික් ටොන් 40,000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක්, ඖෂධ මෙට්‍රික් ටොන් සියයකට වැඩි ප්‍රමාණයක් මෙරටට ලබාදී ඇති බවය.
