හිතවතුන්ට දෙන අධිවේගයේ මාර්ග බලපත්‍

අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සඳහා නව මාර්ග බලපත්‍ර ලබාදීමේදී කෝටි ගණනක මුදල් වංචාවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ බස් රථ 35ක් සඳහා තාවකාලික මාර්ග බලපත්‍ර ලබාදී ඇති බවය.

එම බලපත්‍ර කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති අතර එමගින් රුපියල් කෝටි ගණනක පාඩුවක් රජයට සිදුව ඇති බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මෙම මාර්ග බලපත්‍ර ලබාදී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ හිතවත්කම් මත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.