පානදුර මූලික රෝහලේ රෝගී ජීවිත අනතුරේ

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මේ වන විට එම රෝහල් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

එම ඒකකය වේයන් විසින් හානී කිරීම හේතුවෙන් සතියක පමණ කාලයක සිට වසා දමා ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කාංචනා දිල්රුක්ෂි ඩීරසිංහ මහත්මිය පැවසුවාය.

මේ හේතුවෙන් ශල්‍යකර්ම, රිය අනතුරුවලට ලක් වන රෝගීන් මෙන්ම බරපතළ තත්ත්වයේ පසු වන රෝගීන් සඳහා ඇඳන් වෙන් කිරීමේදී රෝහල් කාර්යය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව තිබේ.

දැඩි සත්කාර ඒකකයේ කටයුතු මේ වන විට රෝහලේ වෙනම ස්ථානයක තාවකාලිකව සිදුකෙරෙමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කාංචනා දිල්රුක්ෂි ඩීරසිංහ මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා විසදුම් ලැබී නොමැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.