දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මුදල් කාරක සභාවේ අනුමැතිය

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

එහි සාමාජික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ දෙවන දිනටත් අද (30) සලකා බැලූ එම යෝජනා සඳහා කාරක සභාවේ අනුමැතිය ලබාදුන් බවය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් එම කාරක සභාව රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

මුදල් කාරක සභාව ඊයේ (29) දිනයේද රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූලික යෝජනාවක් කාරක සභාවට ඉදිරිපත් කර තිබුණි.

අද දිනයේ ඊට අදාළ නිල යෝජනාව මුදල් කාරක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබුණි.

මුදල් කාරක සභාවේ අනුමැතියෙන් පසු හෙට (01) පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.