හරක් කටාගේ පැනයෑමේ සැලැස්මට සහාය වූ පොලිස් කොස්තාපල්වරයාට පළායෑමට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී තිබේ.
එම සැකකරුවන් සමග මෝටර් රථයක් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගෙන තිබුණි.
පොලීසිය පැවසුවේ හරක් කාටාට පළායෑමට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලදී රැගෙන ගොස් ඇත්තේ මොවුන් දෙදෙනා බවය.
නඳුන් චින්තක නොහොත් හරක් කටා පසුගිය 10 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට උත්සාහ කර තිබුණි.
ඊට ඔහුට එහි සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ද සහාය හිමිවී තිබූ අතර පළායෑම අසාර්ථක වූ පසු කොස්තාපල්වරයා එම ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ පළාගොස් තිබුණි.
ඔහු එම ස්ථානයෙන් පළායන අයුරුද සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනෙකුව ඊයේ (22) අත්අඩංගුවට ගත්තේය.
ඔවුන් දෙදෙනා මහ්බන්ධයෙන් මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
ඔවුන් දෙදෙනා විසින් අදාළ පොලිස් කොස්තාපල්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල සිට වෙනත් ස්ථානයකට මෝටර් රථයකින් රැගෙන ගොස් ඇති බවට මේ වනවිට හෙළිවී ඇත.