කලාප අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක් තුළ මළ සිරුරක්

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගෙන තිබේ.

එසේ මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ, ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ බහුකාර්ය සහායකයෙකු ලෙස සේවය කළ රත්මල්කඩුව, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (13) සවස් කාලයේදී ඒ පිළිබඳව ගම්පොළ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ ගම්පොළ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඥාතීන් මෘත ශරීරය හඳුනා ගැනීමෙන් අනතුරුව ගම්පොළ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.