අද (නොවැ. 22) සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී සනත් නිශාන්තට පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වීම අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේ ය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් කිහිප දෙනෙකු වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (නොවැ. 21) අදහස් පළ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම අවස්ථාවේ වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරියා විපක්ෂ නායකවරයා ඉදිරිපිට රැඳී සිටිමින් ඔහුට ආරක්ෂාව සැලසූ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විපක්ෂනායකවරයාගේ මයික්‍රෆෝනයෙන් අදහස් දක්වීය.
එම විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් ස්ථාවර නියෝග ප්‍රකාරව එම පියවර ගත් බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ ය.