මනුෂ්‍ය ඝාතන හා වෙඩිතැබීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

පන්නල සඳලංකාව ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර අවියක් හා තියුණු කඩුවක් ද සොයාගෙන ඇති බව එම බළකාය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

2012 වර්ෂයේ පන්නල සියඹලාපේ හන්දිය ප්‍රදේශයේදී සංජීව නැමැත්තෙකු කපාකොටා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට අදාළ සැකකරු සම්බන්ධ බව පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් සඳහන් කළේය.
 
මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාවාරම්කරුවෙකු වන සින්නයියා ගුණසේකරන් නෙහොත් කිඹුලාඇළ ගුණා නැමැත්තාගේ සමීපතමයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.