රූපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් කිරීමට යයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී මේ බව අනාවරණය කෙරුණි.

ඒ එම කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2015 සිට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්කරමින් මෙම නාලිකා ද්විත්වය අලාභ ලබා ඇති ආකාරය සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී. 

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක්ද  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457ක් අලාභ ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. 

Leave a Reply

Your email address will not be published.