බදුල්ල – කොළඹ මාර්ගයේ නායගිය කොටසේ දුර ගමන් බස් ධාවනය සීමා කෙරේ

කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් අද (11) සිට සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර තිබෙනවා.

ඒ අනුව උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන් ඊයේ (10) පස්වරුවේ සිට එම මාර්ගයේ බර වාහන ධාවනය ද සීමා කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඒ අනුව එම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය – මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

Your email address will not be published.