අධික බදු බර නිසා රටේ නිවාසවල ආදායම් මට්ටම 60%කින් අඩු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආදායම් මට්ටම 60%කින් අඩුවන විට වියදම් මට්ටම 90% කින් වැඩි වී ඇති බවත් ආර්ථික අර්බුදය නිසා සියයට 22ක් ණය බරින් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ආර්ථික අර්බුධය හමුවේ රටේ ජනතාවගේ තත්ත්වය එසේ වුවත් 3.4% කගේ ආදායම වැඩිවී ඇති බවත් සක්වල සුහුරු පන්ති කාමර ලබා දිමේ වැඩසටහන යටතේ හබරණ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ ලබා දිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කීවේය.
රට මේ තත්ත්වයට පත්ව ඇත්තේ රජයේ අත්තනේමතික බදු බර වැඩි කිරීම නිසා බවත් හොරුන්ගෙන් වරම් ලබා ගත් ජනාධිපතිවරයා ගනු ලබන මෙවැනි තිරණ අනුුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.