සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පැය 24ක වර්ජනය අරඹයි

‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් අද (16) දිනයේ දී සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද උදෑසන 06.30 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේය.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

කෙසේවෙතත් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අනවශ්‍ය පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට බලපෑම් සිදුකළහොත් මෙම වර්ජනය අඛණ්ඩව ඉදිරියට සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.